කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.1906 වන වර්ෂයේ ජනවාරි මස 10 වන දින ගම්සභා උසාවි ගොඩනැගිල්ලේ දී ස්වභාෂා පාඨශාලාවක් ලෙස ආරම්භ විය.එය ආරම්භයේ දී සිසුවියන් 10 දෙනෙකු සහ එක් ගුරුවරියකගෙන් සමන්විත විය.මීට අමතරව මෙම පාඨශාලාව කටුගස්තොට කලාපයේ පිහිටි එකම බාලිකා පාසල බවට පත්ව තිබේ.වර්ෂ 1915 ජනවාරි මස 16 වන දින මෙම පාසල , වත්මන් ස්ථානය වෙත ගෙන එන ලදි.එදිනට ශිෂ්‍ය සංඛ්‍යාව 72 ක් වූ අතර ගුරු මහත්මීන් දෙදෙනෙකු දක්වා වැඩි විය.
වර්ෂ ගණනාවක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් දියුණුව ලබා 1963 දී මහා විද්‍යාලයක් බවට පත් කරන ලදි.මේ වන විට නව ගුරු නිවාසයක් ,විද්‍යාගාරයත්, ගෘහ විද්‍යාගාරයක් , බුදු මැදුරක් ,කාර්යාල හා ගබඩා කාමර, වැඩිපුර පන්ති කාමර , සුළු ඉඩ කඩ සහිත කුඩා ක්‍රීඩා භූමියක් හා ජලය සහ විදුලි පහසුකම්ද ලබමින් වැඩි දියුණුවට පත් වූයේ රජයේද , ගුරු දෙගුරු සංගමයේද නොමඳ උනන්දුව හා උද්යෝගය නිසා වෙනි. තවද 1973 දී උසස් පෙළ පංති ආරම්භ කළ අතර 1975 සිට විශ්ව විද්‍යාල ප්‍රවේශයන්ද ලබා ගන්නා ලදි.
මුල්ම පාසල් ගීය ලෙස කේ.ජේ.ද සිල්වා මහතාගේ, "දයාවෙන් පානා දියුණු , යමු එඩිතර ගමන්........." ත්
දෙවන පාසල් ගීය ලෙස මදු අධිකාරී මියගේ, "සැරදේවා විදුහල් මෑණි......." ත්
දැනට පවතින පාසල් ගීය ලෙස දයාන් ජයසේන මහතාගේ "විපුල විරාජිත , නම අපරාජිත...." ත් නිර්මාණය විය.
|
ආරම්භ කළ වර්ෂය |
1906 ජනවාරි 10 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ පැවති නම |
ස්වභාෂා පාඨශාලාව |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ල |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1906 ජනවාරි 10 දින |






