අප පාසලේ ද්විතියික අංශය 6 සිට 13 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන අතර උසස් පෙළ අංශය කලා හා වාණිජ යන විෂයධාරා වලින් සමන්විත වේ.පෞරුෂ සංවර්ධනයෙහිලා “නිරෝගී කයක් තුළ නිරෝගී මනසක්” ගොඩ නැගීම අත්‍යවශ්‍ය සාධකයකි.එකරුණ සැබෑවක් කරමින් විද්‍යාලයීය විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් ඔස්සේ විවිධ අංශ විසින් විශිෂ්ට වූ ප්‍රතිඵල අප පාසලේ දරුවන් අත්පත් කරගෙන සිටී.විද්‍යාලයීය විෂයය බාහිර ක්‍රියාකාරකම් අතර ප්‍රමුඛ ස්ථානය ගන්නේ ක්‍රීඩා අංශයයි. සමබර පෙෳරුෂයකින් යුතු දරුවකු බිහි කිරීමෙහිලා විශේෂ මෙහෙවරක් ඉටු කරන ක්‍රීඩා අංශය පාසල තුළ ක්‍රීඩා රැසක් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අතර වොලිබෝල්, ක්‍රිකට් , නෙට්බෝල් , කෙඩෙටි වැනි ක්‍රීඩාවන් ද වර්තමානයේ අප පාසලේ ක්‍රියාත්මක වන කණ්ඩායම් ක්‍රීඩා වේ.එමෙන්ම ජිම්නාස්ටික් , චෙස් , බැට්මින්ටන් යනාදි ක්‍රීඩා රැසක් හඳුන්වා දීම අපගේ තවත් එක් අපේක්ෂාවකි.සෞන්දර්්‍යය හා භාෂා අංශ මඟින් ද පාසලට ලැබෙන ජයග්‍රහණ වීශාල සංඛ්‍යාවක් ඇත.
විද්‍යාලයේ උසස් පෙළ අංශය පහත සඳහන් විෂයයන් වලින් සමන්විත වේ.
කලා විෂයධාරාව |
|||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | බෞද්ධ ශි්චාරය | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය |
| ගෘහ ආර්ථික විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | සෞන්දර්යය(චිත්‍ර/නැටුම්/සංගීත/නාට්‍යය) | |
වාණිජ විෂයධාරාව |
||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |







