විදුහල්පති පණිවිඩය
ආර්.පී.කේ.රන්දුනුපුර
වර්ථමානයේ සමාජයක ඉදිරිය හෝ ගමන් මඟ තීරණය කිරීමට තාක්ෂණය බෙහෙවින් වැදගත් ස්ථානයක් හිමිකර ගනී.මේ වන විට අප පාසලේ පවතින බ්ලොග් අඩවිය හා සමගාමීව නිර්මාණය වූ මෙම වෙබ් අඩවිය විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදීත් , පාසලේ දෛනික කටයුතු මෙන්ම ඉගෙනුම් ඉගැන්වීම් කාර්යයන්ද වඩාත් කාර්යක්ෂම වනු ඇතිබව මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
ආර්.පී.කේ.රන්දුනුපුර
විදුහල්පති
මහ / සුජාතා බාලිකා ජාතික පාසල.






