මධ්‍යම පළාතේ මහනුවර මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන ගලගෙදර ප්‍රදේශයේ සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි , දැයේ සවියට දිරිය දියණියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර “දැයේ සවියට දිරිය දියණියක්” යන දැක්ම තේමාව කරගත් ගමනේ දී අධ්‍යාපනික වශයෙන් මෙන්ම විෂය සමගාමි , විෂය බාහිර ක්‍රියාකාරකම් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ.
දැයේ සවියට දිරිය දියණියක්
සුජාතා දියණියක් නැණ ගුණයෙන් පිරිපුන්ව දැයට අගනා මෙහෙවරක් ඉටු කරන අභිමානවත් පිරිසක් බවට පත් කිරීමට ඇප කැප වෙමු.